ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකුට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

6

පස්සර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයාට පස්සර නගරයේදී ඊයේ මෙලෙස පහර දී ඇති බවටයි වාර්තා වුණේ.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඔහු පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රදේශයේ ගස් කැපීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මෙලෙස තමාට පහර දුන් බවටයි.

Your Comments