ප්‍රහාර මාලාවට සම්බන්ධ 44 දෙනෙකු CID අත්අඩංගුවට
15 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ

27

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ තවත් පුද්ගලයින් 15 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රදවා සිටින බවයි.

සිදුකරන විමර්ශන පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.

දිවයින පුරා ක්‍රියාත්මක වන සෝදිසි මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරිම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.
මේ එහිදි අදහස් පළ කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය සුමිත් අතපත්තු මහතා මෙහිදී අදහස් පළ කළා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා.

Your Comments