ප්‍රදේශ 3 ක සිදු වු රිය අනතුරු වලින් තිදෙනෙකු මරුට

19

හක්මණ වලස්මුල්ල මාර්ගයේ මී ඇල්ල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මියගොස් ඇත්තේ යතුරුයේ ගමන් ගත් සුරියවැව අලිඔලුආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යාපනය දෙසට ධාවනය වු මෝටර් රථයේ රියදුරුට රථය පාලනය කර ගත නොහැකි වීමෙන් අදාළ අනතුර සිදුව ඇති අතර මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මේ අතර දුම්මලසුරිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි යතුරු පැදිකරු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය පැවසුවේ.

Your Comments