ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් දරුවෙකු ඇතුළු හතරක් මරුට

34

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මාතලේ – තවලම්කෝය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ සිදුවූ අනතුරෙන් 85 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.
බදුල්ල – මහියංගනය මාර්ගයේ කුරුවිතැන්න ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ අවුරුදු 10ක කුඩා දරුවෙකු මෝටර් රථයක ගැටීමෙන් මිය ගිය බවයි පොලීසිය පැවසුවේ.
කුරුණෑගල ප්‍රදේශයේදී ද, මාර්ගය ගමන් කරමින් සිටි 16 හැවිරිදි තරුණයෙකු මිය ගියේ ලොරි රථයක ගැටීමෙන්.
එමෙන්ම කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කල්මුණේ ප්‍රදේශයේදී කාන්තාවක් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මඩකලපුව දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මිය ගියා.

 

Your Comments