ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මරුට

13

ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තිරප්පනය වන්නම්මඩුව ප්‍රදේශයේදී ටිපර් රථයක පාපැදියක් ගැටිමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු අටක කුඩා දරුවෙකු මියගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර දෙහිවල මහරගම මාර්ගයේ දේවාලමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටිමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය අතර කාන්තාවක තුවාල ලැබුවා.
කළුතර මතුගම මාර්ගයේදී ද යතුරුපැදියක ගැටිමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා ද තුවාල ලැබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

Your Comments