ප්‍රදේශ කිහිපයකට පැය හතක හදිසි ජල කප්පාදුවක්

30

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා පැය 7ක කාලයක් ජලය කපාහරින බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.
කලටුවාව සිට ජලය ගෙන එන ප්‍රධාන සම්ප්‍රේශන නළයේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදු කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙලෙස පැය අටක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබනවා.

 

Your Comments