ප්‍රදේශවාසීන්ගේ මෙහෙයුමේ හොර හරක් ලොරියක් අල්ලයි
පාලිත ආරියවංශ - බදුල්ල

30

ගවයින් හොරෙන් රැගෙන යමින් සිටි ලොරි රථයක් බදුල්ල, කන්දකැටිය, මාලියද්ද ප්‍රදේශයේදී අල්ලා ගැනීමට එම ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් මෙම ලොරි රථය අල්ලා ගැනීමේ කර්තව්‍ය අද(18) අලුයම දෙකටම පමණ සිදු කර තිබෙනවා.

ලොරි රථයේ රියදුරා හා සහායකයෙක්  අදුරේම පළාගොස් ඇති අතර  ලොරි රථය  තුල ගවයන් 8 දෙනෙක් සිටි බවත් දෙදෙනෙකු පැටවුන් බවත් ජනතාව පවසනවා.

ලොරියට සහායට පැමිණි යතුරුපැදියක් ද දමා  ජනතාවට බියේ යතුරුපැදිකරුවන්ද  පලාගොස් තිබෙනවා.

ජනතාව  විසින් කරන ලද දැනුම්දීමකට අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරින්  එම ස්ථානයට පැමිණ තිබෙනවා. ජනතාව අදාළ ලොරි රථය පොලිසියට භාරදීමට ප්‍රතික්ෂේප කරමින් පෙරවරුවේ විරෝධය දැක්වීමේ නිරතව සිටි බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

Your Comments