ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියට 400ක් බඳවා ගැනෙයි
ප්‍රතිඵල ලේඛනය මෙන්න

47
ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීම 2015 (2016) සීමිත තරග විභාගය යටතේ සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් 400කට ආසන්න පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය ලබන 20 වනදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා.
ඒ කතානායක කරු ජයසුරිය මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
 
එදිනම පස්වරුවේ දිශාභිමුඛ පුහුණුව ආරම්භ කෙරෙන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී සහ මීපේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී.
නේවාසික පුහුණු කාලය මාසයයි.
 
ඒ අනුව ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියේ රාජකාරි, පත්වීම් ලිපි ලබන දිනම භාර ගැනීමට හැකිවන සේ වත්මන් සේවා ස්ථානයෙන් ජුනි 19වන දින බැහැරවන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
 
මේ පිළිබඳ වැඩි දුර විස්තර සඳහා 011 2 784 565 අමතන්න.
 
 

Your Comments