පළාත තුළ බස් රථ ධාවනය අද සිට

16

අධිඅවදානම් හා අවදානම් ප්‍රදේශයන් හැර පළාත තුළ බස් රථ ධාවනයට අද(20) සිට අවසර ලබාදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කියා සිටියේ.
කෙසේ වෙතත් බස්නාහිර පළාත තුළ එම සේවාවන් ක්‍රියාත්මක නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බස් රථවල ගමන් කළ හැක්කේ තවදුරටත් ආසන සංඛ්‍යාවට සරිලන මගීන් පිරිසකට පමණක් බවයි.
මේ අතර අද(20) දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන දුම්රියෙන් ගමන් කිරීමේ පහසුකම් සලසා ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

Your Comments