පහර කෑමෙන් බරපතල තුවාල ලබාසිටි පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුළත් කෙරේ

9

පහර කෑමෙන් බරපතල තුවාල ලබා යාපනය, කල්වියන්කාඩු ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස 26 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මාර්ගයේ දමාගොස් ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
පහරදීම සිදුකළ පිරිස වෙනත් ස්ථානයකදි මෙම පහරදීම සිදුකර තුවාලකරු අදාළ ස්ථානයට ගෙනවිත් දමා පළාගොස් ඇති බව සදහන්.
පහර දීම සිදු කළ බව කියන අවුරුදු 28 ත් 30 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය හා යාපනය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments