පල්ලිවාසල්තුරෙයි දී ලක්ෂ 40ක බීඩි කොළ අල්ලයි [PHOTOs]

13

කල්පිටිය – පල්ලිවාසතුරෙයි ප්‍රදේශයේ සඟවා තිබූ කිලෝ 961ක බීඩිකොළ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.

ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදී බීඩිකොළ තොගය සොයා ගැනුණා.

එහිදී සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර පොලිස් භාරයට ගත් බීඩිකොළ තොගය පොලිතින් උර 38ක අසුරා තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් නීති විරෝධි ලෙස රැගෙනවිත් තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලිසියේ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

කල්පිටිය පොලිසිය විසින් මසක් ඇතුළත සොයාගත් දෙවැනි බීඩි කොළ තොගය මෙයයි.

තීරු බදු ගෙවීම මග හැරීම සඳහා නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් බීඩි කොළ රැගෙන ඒම කලක සිට සිදුවන බවයි අනාවරණ වන්නේ.

(වනාතවිල්ලුව – කේ. ප්‍රියංකර කළුපහන)

Beedi leaves Beedi leaves Beedi leaves Police Kalpitiya Beedi leaves Beedi leaves Beedi leaves Beedi leaves

Your Comments