“පරිසර ප්‍රතිඥා මැතිවරණ වේදිකාවට පමණක් සීමා නොකරන්න” [PHOTOs]

8

පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින්.

‘පරිසර සංරක්ෂණයෙහි ලා පරිසර අධ්‍යාපනයේ වැදගත්කම’ මැයෙන් විද්වත් දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ, හෙද අධ්‍යාපන අංශයේ, වැඩබලන පීඨාධිපති මහාචාර්ය දේවක වීරකොන් මහතා විසින් සිදු කළා.

පරිසර නියමුවන් 40 දෙනෙකු මෙහිදී ජනාධිපති පදක්කමින් අභිසෙස් ලැබූවා.

2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සම්පාදනය කෙරුණු සමරු කලාපය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා.

ශ්‍රී ලාංකේය ආනගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබනවා.

Your Comments