පර්පචුවෙල් ගිණුමකින් රුපියල් ලක්ෂ 15ක් මුදා හරින්නැයි නියෝගයක්

14

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලින දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් පහළොස් ලක්ෂ අටදහසක මුදලක් එම සමාගෙමේ මුදල් අයෝජනය කළ කාන්තාවක් වෙත මුදාහැරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මහ බැංකු අධිපතිවරයා වෙතයි.

අදාළ කාන්තාව නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තමන් විසින් අදාළ සමාගමේ සිදුකළ ආයෝජනය වෙනුවෙන් මෙම මුදල ලාභාංශ ලෙස ලැබීමට නියමිතව තිබූ බවයි.

මේ අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අධිකරණයට හමුවේ පෙනී සිටිමින් මෙම ආයෝජිකාව විසින් ආයෝජනය කළ මුදල් කල් පිරී තිබේ නම් එය මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව සිය නීතිඥවරයා මාර්ගයෙන් කියා සිටියා.

මෙම පැමිණිල්ල යළි කැඳවන නොවැම්බර් මස 12 වනදා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට නියෝග කළා.

Your Comments