නෙළුම් කුළුණේ ගනුදෙනුව ගැන චීනයේ ඇලිට් සමාගමෙන් මාධ්‍ය නිවේදනයක්

42

නෙළුම් කුළුණ ඉදිකිරීමේදී සිදුවූ වූ බව කියන මූල්‍ය ගැටලු‍ව සම්බන්ධයෙන් චීනයේ ඇලිට් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙක් පෙන්වා දෙන්නේ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇලිට් සමාගම සී.ඊ.අයි.ඊ.සී සමාගම සමඟ 2012 වසරේදී එකඟතා ගිවිසුමකට එළඹුනු බවයි.

ඒ අනුව සිය සමාගම, සී.ඊ.අයි.ඊ.සී සමාගම සමඟ පමණක් ගනුදෙනු කළ බව ඇලිට් සමාගම ප්‍රකාශ කළා.

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඩොලර් එක්කෝටි පනස්හයලක්ෂ හතලිස් හතර දහස් නවසිය අසූවක මුදලක්, සී.ඊ.අයි.ඊ.සී සමාගම වෙත ව්‍යාපෘති අත්තිකාරම් ලෙස ගෙවා ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වුණේ.

එය පූර්ණ වශයෙන් යොදවනු ලැබුවේ ව්‍යාපෘති කටයුතු සඳහා පමණක් බවත්, තම සමාගම ජාත්‍යන්තර තලයේ විශ්වාසනීය සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇති බවත් ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන ‘නෙළුම් කුළුණ’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සැප්තැම්බර් 16 පස්වරුවේ නිල වශයෙන් විවෘත කළා.

උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ව්‍යාපෘතිය වෙනුවෙන් මූලික මුදලක් ලබා ගත් ඇලිට් සමාගම ලිපාපදිංචි ලිපිනයේ නොමැති බවයි.

 

Your Comments