නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ඉදිරිපිට විරෝධතාවක්

30

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලබන දැරියන්ගේ දෙමව්පියන් පිරිසක් මේ වනවිට එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.

ඒ, එම විදුහල් භූමියේ පවත්වාගෙන ගිය දහම් පාසල යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින්.

ආණ්ඩුකාරවරයා විසින් එය සිදු කර ඇති බවත්, පාසලේ කටයුතුවලට මැදිහත්වීමට ඔහුට අයිතියක් නොමැති බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින බවයි වාර්තා වන්නේ.

Your Comments