නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ 275ක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට

51

ශ්‍රී ලංකාවේ ඊශාසන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී හෙරොයින් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275ක තොගයක් සමග යාත්‍රාවක් අද(22) නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. ඒ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිතයි.


Your Comments