නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි දෙදෙනෙකුට රුපියල් හය දහසක දඩයක්
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

27

නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම්ස් 3340 ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 6000ක දඩ මුදලක් ගෙවන ලෙස ඊයේ (14) හැටන් දිසා අධිකරණයේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් නියෝග කර තිබෙනවා.

මෙලෙස වරදකරුවන් වූයේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ හා වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

වත්තල ප්‍රදේශයේ සිට ඉකුත් (13) දා මස්කෙළිය නගරයට පැමිණ ලැඟුම්හලක නවාතැන්ගෙන සිටියදී මස්කෙළිය පොලීසියේ බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම තරුණයන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබියදී නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය මිලී ග්‍රෑම්ස් 1720 ක් හා 1620 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියරත්න බණ්ඩාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුභේෂන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර චූදිතයින් අධිකරණය හමුවට පමුණුවනු ලැබුවා.

Your Comments