නීති විරෝධීව මසුන් ඇල්ලු හත් දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

17

සින්නපාඩු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් හත් දෙනෙකු වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19, 34, 35, 37, 43 සහ 65 වන වියෙහි පසුවන සින්නපාඩුව, මදුරන්කුලිය සහ පල්ලියවාසලපාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා හතරක්, පිටත හදන යන්ත්‍ර හතරක් සහ මසුන් කිලෝග්‍රෑම් 28ක් නාවික හමුදා භාරයට ගැනුණු බවයි නාවික හමුදාව පවසන්නේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ යාත්‍රා සහ ධීවර අම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදී තිබෙනවා.


Your Comments