නීති විරෝධීව දිවයිනට පැමිණි පස් දෙනෙක් අත්අඩංගුවට

6

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු තලෙයිමන්නාරම – පියර් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අදාළ පිරිස බෝට්ටුවකින් මෙරටට පැමිණෙමින් සිටියදී තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරේ මුර සංචාරයේ නිරත නාවිකයන් පිරිසකට නිරීක්ෂණය වී තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් සිය භාරයට ගෙන තලෙයිමන්නාරම පොලීසියට භාර දුන් බව නාවුක හමුදාව සඳහන් කළා.

Your Comments