නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවේ රැඳි සිටි ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණෙයි

50

නීතිවිරෝධි ක්‍රම භාවිත කරමින් පැමිණ ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 18දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.

අද උදෑසන 6.45ට පමණ මෙම පිරිස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි බවයි NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

මෙම ශ්‍රී ලාංකිකයින් එක් අයෙකුට 06 දෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක නිල්‍රධාරීන් 36දෙනෙකු ද දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පිරිස පැපුවා නිව්ගිනියාවේ පිහිටි රැඳුම් මධ්‍යස්ථානයක රඳවා සිටි බව ද සඳහන්.

Your Comments