නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසම හමුවට

21

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.
ඒ, ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් හෙතෙම ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මේ අතර අලි ඇතුන් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව තමන්ගේ සේවය අත්හිටවූ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද අද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිනු ඇති.

Your Comments