නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එජාපයෙන් තීරණයක්

24

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තම මැතිවරණ ව්‍යාපාරය සඳහා චීන සමාගමකින් මුදල් ලබාගත් බවට වන නිව්යෝක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කණ්ඩායම් රැස්වීමේ දී ඒ පිළිබඳව එකඟතාවකට පැමිණි බවයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමානායක මහතා පැවසුවේ.

ඒ අනුව, ලබන සතිය තුළ දී අදාළ විවාදය පැවැත්වීමට සැලසුම් කරන බව ද රංජන් රාමනායක මහතා කියා සිටියා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පල වූ ලිපිය සම්බන්ධයෙන් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ද අදහස් පළ කළා.

ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

Your Comments