නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා ලක්ෂ දෙක හමාරක මුදල් අරගෙන

41

පුද්ගලයෙකු බිය ගන්වා මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවක් සමග සබඳතාවක් පවත්වා නිරුවත් ඡායාරූප ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර මුදල් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.

අවස්ථා කිහිපයදීම සැකකරු හා සැකකාරිය, පැමිණිලිකරුගෙන් රුපියල් 244000ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගෙන ඇති බව සඳහන්.

සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි හිටපු ගුවන් හමුදා සෙබලෙකු වන අතර, සැකකාරිය රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

Your Comments