නිරිත දිග කොටසේ වැසි තත්වය අදත්

16

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 75 පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.
ඌව පළාතේ ස්ථාන කිහිපයක පස්වරු 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි විය හැකියි.

Your Comments