නිදහස් පක්ෂ මහලේකම් හදිසියේ රෝගී වෙයි

58

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් අද දහවල් රෝහල් ගතකර තිබෙනවා.
ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි නිවුස් 24 කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල නොවන බවත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව මේ වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

Your Comments