නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා.

ඒ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති නිල නිවසේදි මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ මධ්‍යම කාරක සභාව අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ද ඊයේ කොළඹ දී පැවැත්වුණා.

එහිදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානත වීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සදහන්.

Your Comments