නිදන් හෑරූ 6 දෙනෙකු අලව්වේදී අත්අඩංගුවට

19

අලව්ව – කැබෑල්ලෑවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අලව්ව පොලීසියට ලද තොරතුරක් මත එහි නිලධාරී කණ්ඩායමක් මෙම සැකකරුවන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සතුව තිබූ කැණීම් කටයුතු සඳහා උපයෝගී කරගන්නා ඩෙටනේටර් 10ක්, ඇමෝනියා ග්‍රෑම් 600 ක්, පොළොව විදීමට උපයෝගී කරගන්නා යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් 28 සහ 50 අතර වයස්වල පසුවන කොච්චිකඬේ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන්.

Your Comments