නිදන් සෙවූ පස් දෙනෙකු හොරණ දී අත්අඩංගුවට

5

නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු හොරණ මාලොස්ඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හොරණ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් හොරණ සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments