නාවික හමුදාව කේරළ ගංජා කිලෝ 90ක් අල්ලයි – ගම්වාසීන් ජාවාරම්කරු අල්ලා ගස් බඳියි

15

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 17) උදෑසන පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ 91.561 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 47 සහ 60 වන වියෙහි පසුවන තික්කම් ප්රනදේශයේ දෙදෙනෙක්.

මේ අතර මෙම ජාවාරමෙහි නිරත ප්‍රධාන සැකකරු බව කියවෙන පුද්ගලයෙකු ගම්වාසීන් පිරිසක් විසින් අල්ලා ගස් බැඳ තිබෙනවා.

කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් වැඩිදුර විමර්ෂණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය ට භාර දී තිබෙනවා.

Your Comments