නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

7

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ආරක්ෂක අමාත්‍යංශ කාර්යාලයේ දී යි.

එහිදී, නාවික හමුදාපතිවරයා විසින්, නව පත්විම් ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට සුභ පැතුම් එක් කළ බවයි නාවුක හමුදාව සඳහන් කළේ.

එමෙන්ම රාජකාරිමය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන්.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවුණා.

 

Your Comments