නාලකට සහ නාමල්ට ලබන 8 වනදා අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝගයක්

33

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට ලබන 8 වන දා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව, අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අද සිදුකළ කරුණු දැක්වීම සලකා බලමින්.
මේ අනුව අදාළ නියෝගය ඔවුන් දෙදෙනාට ලබාදෙන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ

 

Your Comments