නායකයෙකු තෝරන්න අදත් සිරිකොත සාකච්ඡාවක්

22

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද(12) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.
ඒ සඳහා අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනාවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර නැහැ.
කෙසේ වෙතත් අනිද්දාට පෙර අදාළ නම මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හත පිළිබඳ තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඊයේ පවරනු ලැබුවා.
ඒ අනුව අද දිනයේදී අදාළ නම් මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Your Comments