නාකොටික් නිලධාරීන් ගැන ස්වාධීන සාක්ෂිකරුවන් සිව් දෙනෙකුගෙන් රහස් ප්‍රකාශයක්

20

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින එම කාර්යාංශයේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් දොළොස් දෙනා සම්බන්ධයෙන් අද ස්වාධීන සාක්ෂිකරුවන් හතර දෙනකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දී තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරිය තුළ දීයි.
පැය එකහමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු ව තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සාක්ෂිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.
මෙම සාක්ෂිකරුවන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සදහන්.

Your Comments