නාකොටික් තවත් නිලධාරියෙකු අත්අඩංගුවට

9

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දැක්වූ බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ සේවය කළ තවත් නිළධාරියෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ඊයේ රාත්‍රියේ රාගම ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර අනුබල දී මුදලක් උපයා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ නිළධාරින් පිරිසකට එරෙහිව මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශණයක් පැවැත්වෙනවා.
එම විමර්ශණයට අදාලව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පොලිස් පරික්ෂකවරයාද ඊයේ දින පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි පසුවන්නේ.
විමර්ශණයට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයට අනුයුක්ත නිලධාරින් සංඛ්‍යාව 18ක්.

Your Comments