නව වසර සමරන්න ආගමික ස්ථානවලට විශාල පිරිසක්

12

නව වසර උදාවීමත් සමඟ ජනතාව ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික ස්ථාන වෙත මේ වනවිටත් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් මහනුවර දළදා මාලිගාව, කතරගම – කිරිවෙහෙර සහ අනුරාධපුර – ජයශ්‍රී මහා බෝධිය යන පූජා ස්ථාන ජනතාවගෙන් පිරී පවතින බවයි නිවුස් 24 වාර්තාකරුවන් සදහන් කළේ.
උදා වූ වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර බොහෝ පිරිසක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.
එමෙන්ම අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිදුන් ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් ඊයේ පස්වරුවේ සිට පැමිණෙමින් සිටින බව සදහන්.
කිරිවෙහෙර මෙන්ම, කතරගම පුද බිම ද නව වසර උදාවීමත් සමග බැතිමතුන්ගෙන් පිරී පවතිනවා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, නව වසර උදාවත් සමඟ කතරගම පුදබිම වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා.
මීට අමතරව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද, තම කාර්ය මණ්ඩලයට සුභාෂිංශන එක් කරමින් වැඩකටයුතු ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

Your Comments