නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්

30

‍අභිනව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.
ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදීයි.

අද දිවුරුම්දුන් රාජ්‍ය අමාත්‍යවරුන් පහත පරිදි වේ.

චමල් රාජපක්ෂ මහතා – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා – බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක මහතා – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
පියංකර ජයරත්න මහතා – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය- බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න මහතා – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය
නිමල් ලාන්සා මහතා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ජයන්ත සමරනායක මහතා – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ මහතා – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් මහතා- සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක මහතා – ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර මහතා – උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ මහතා – දහම්පාසැල් , භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය
ශෙහාන් සේමසිංහ මහතා – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ද සිල්වා මහතා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක මහතා – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය මහතා – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ මහතා – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
කංචන විජේසේකර මහතා – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත මහතා – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් මහතා- මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සරත් වීරසේකර මහතා – පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්න මහතා – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ මහතා- ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සිසිර ජයකොඩි මහතා – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
පියල් නිශාන්ත මහතා -කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
ප්‍රසන්න රණවීර මහතා – වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය
ඩී.වී. චානක මහතා – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඩී.බී. හේරත් මහතා – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
නාලක ගොඩහේවා මහතා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රවය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ජීවන් තොණ්ඩමාන් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
අජිත් නිවාඩ් කබ්රාල් මහතා – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹෙපොළ මහත්මිය – නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන මහතා – ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

Your Comments