නව යුද හමුදාපතිවරයා ධුරයේ වැඩ භාර ගනී

19

නව යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද එම ධුරයේ වැඩ භාර ගත්තා.

ඒ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානනයේ දීයි.

ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ අනුව මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේදී ඔහු යුධ හමුදාවට එක්වුණා.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා දියත් කෙරුණු මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.
ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.

Your Comments