නව යන්ත්‍ර සූත්‍ර දිවයිනට ගෙන්වන විට අය කරන වැට් බදු ඉවත් කිරීමට තීරණය කළ බව අගමැති කියයි

15

යන්ත්‍ර හා උපකරණ මෙරටට ගෙන්වීමේදී දේශීය කර්මාන්තකරුවන්ගෙන් මේ වන විට අයකර ගනු ලබන බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ලෝක වෙලඳපළට පිවිසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.
බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දේශීය කර්මාන්තය විනාශ කරන බවට ඇතැම් පාර්ශව රජයට සිදුකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම අධික ලාභ අපේක්ෂාවෙන් දිවයිනට ගෙන එන භාණ්ඩ නතර කිරීමට ද නව නීති සකස් කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

Your Comments