නව මන්ත්‍රීවරුන් 175 දෙනෙකු Online ක්‍රමයට පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වෙයි

8

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 175 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස මේ වන විට ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වී තිබෙනවා.
අනිද්දා දිනය වන විට සියලුම මන්ත්‍රීවරුන් ලියාපදිංචි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි සිත නිව්ස් 24 කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
සිය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වුණා.
මේ අතර, අභිනව පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිත නිව්ස් 24 වෙත මෙලෙස අදහස් පල කළා.

මේ අතර, පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසනවා.
එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම කාලය තුළ පැමිණිලි 39ක් පමණක් ලැබී ඇති බවයි.
අදාළ පැමිණිලි ද බරපතල ගණයේ ඒවා නොවන බව ද කැෆේ සංවිධානය ප්‍රකාශ කළා.

 

Your Comments