නව දඩ ක්‍රමවේදයට බස් සංගම්වලින් විරෝධය

48

අද සිට හඳුන්වා දුන් රථවාහන නව දඩ ක්‍රමවේදය හේතුවෙන් බස් කර්මාන්තය සහ රටේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය බිදවැටීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඒ හේතුවෙන් නව ක්‍රමවේදයට තම සංගමය දැඩි විරෝධය පළ කරන බවයි.
රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල අද සිට වැඩි කරන බව රථ වාහන පොලීසිය සඳහන් කළා.
මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23 ක් පමණයි.
එමෙන්ම මීට පෙර දින 14ක් ඇතුළත දඩ මුදල ගෙවිය යුතු වුවද, නව ක්‍රමය අනුව තවත් දින 14ක් සඳහා එය දීර්ඝ කර තිබෙනවා.
කෙසේ වෙතත්, එහිදී අය කෙරෙන දඩ මුදල දෙගුණ වන බවයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව, මේ වන විට අදාළ දඩ පත්‍රිකා, සියලුම පොලිස් ස්ථානවෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියා.

Your Comments