නව ක්ෂය රෝගීන් 8250ක් හමුවෙයි

8

පසුගිය වසරේදී මෙරට තුළ අලුතෙන් ක්ෂය රෝගීන් 8258ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
මෙයින් රෝගීන් 5827ක්ම පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය වැළඳුණ පුද්ගලයන් වන බවයි එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙලෙස සොයාගන්නා ලද රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් එනම් සියයට 40ක් පමණ හමුවී ඇත්fාත් බස්නාහිර පළාතෙන්.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්ෂය රෝගීන් සියයට 25ක් හඳුනාගෙන තිබෙනවා.
බිඳිති ආසාදනයෙන් බෝවන රෝගයක් වන ක්ෂය රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා මහජන සහාය අවශ්‍ය බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ.

Your Comments