නවක වද සිද්ධියට අදාළ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

9

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත මෙම මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මතයි.
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය දුන් බවට චෝදනා ලැබු රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 19 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට බවයි පොලීසිය සඳහන් කළේ

Your Comments