නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඩුවම

16

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 774 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ, හතළිස් හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකුට බව සඳහන්.
2016 වසරේ ඔක්තෝබර් මස 4 වනදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් ඔහුව රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබුණා.

Your Comments