නයාරු මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මැරු 29දෙනෙකු අත්අඩංගුවට

31

මුලතිව් නයාරු මුහුදු තීරයේ තහනම් ධීවර ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය සදහන් කළේ ඔවුන් සමග ධීවර යාත්‍රා 8 ක් ද ඊයේ සිය භාරයට ගත් බවයි.

මේ අතර නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීම නතර කරන ලෙස මුලතිව් ධීවරයින් පසුගියදා සිදුකරන ලද විරෝධතාවක් හේතුවෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපලවලට ද හානි සිදුවුණා.

Your Comments