නඩරාජා රවී රාජ් නඩුව යළි කැඳවන්නැයි නියෝගයක්

28

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන 30 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ එම මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බලමින්.

රවිරාජ් ඝාතන නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබියදී එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැණි බවටයි ඇය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ දැක්වුණේ.

ඒ අනුව අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ ජූරි සභාවක් විසින් දුන් තීන්දුව අහෝසි කර ඔවුන් වරදකරුවන් කරන ලෙසට ශෂීකලා රවිරාජ් මහත්මිය පෙත්සමින් ඉල්ලා තිබෙනවා.

Your Comments