ධීවරයන් 11ක් අල්ලයි

15

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලයිට්කෝස් නැමති තහනම් ක්‍රමවේදයට අනුව මසුන් අල්ලමින් සිටි ධීවර යාත‍්‍රා තුනක් සමග අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මුහුදු ප‍්‍රදේශයේ දියි.

නාවික හමුදා සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සැකකරුවන් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින්වු ශරීර ඇප මත මුදා හැරුණා.

Your Comments