දේශපාලන අර්බුදය දින හතකින් විසඳන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

55

රට තුළ පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින හත තුළ අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියා.

අද දවසේ අපට තිබෙන දේශපාලන අර්බුදය වැඩිම වුණොත්, ස්ථිර වශයෙන්ම තව දින හතක් තුළ අවසන් වන බව මම පැහැදිළිව කියනවා. අද දිනය හතරයි… ඉදිරි සතියක් තුළ මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාවය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මම ඔබට පැහැදිළිව සහතික වනවා. මම ඔබට සහතික වනවා. ඒ  රට වෙනුවෙන්, ඒ පොදු ජනතාව වෙනුවෙන්, ඒ ඔබ වෙනුවෙන්, ඒ හෙට උපදින දරුවන් වෙනුවෙන්. ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන්. මේ සියලු ප්‍රශ්න විසදා ගන්න මේ රටේ සියලු දේශපාලන නායකයන්ට, සියලු දේශපාලන පක්ෂවලට මම සාමයේ දෑත් දිගු කරනවා. අපි එකට එකතු වෙලා ප්‍රශ්න විසඳගමු. ප්‍රශ්නය හැදුවේ අර්බුදය හැදුවේ මම නෙවෙයි. ප්‍රශ්නය හැදුවේ අර්බුදය හැදුවේ රට විනාශ කෙරුවේ රනිල් වික්‍රමසිංහයි කියන එක මම බොහොම පැහැදිළිව කියන්න ඕන.

Your Comments