“දෙවියනි, අපිට අවුරුදු නැත”

28

අතුරුදහන්වූවන් ‍සොයාදීමට රජය කටයුතු නොකළ බැවින් අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත මෙවරද නව වසර සැමරීමට නොහැකි වු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසනවා.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයට බල කරමින් හා අතුරුදහන්වූවන් සොයා නොදීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් දේව කන්නලව්වක් හා ‍විරෝධතාවයක් පැවැත්වීමට අද (14) එක්වෙමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස ප්‍රකාශ කළා.

වවුනියාව කන්දසාමි කෝවිලේ පැවති දේව පූජාවකින් අනතුරුව දෙවියන් උදෙසා පොල්ගසා රජයට විරෝධතාවය පළ කර තිබෙනවා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධය නිමවී වසර දහයක් ගතව ඇතත් රජය මෙතෙක් අතුරුදහන්වූවන් ‍ සොයා නොදී ඇති බවයි.

විරෝධතාවයට එක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ රජය අවස්ථා ගණනාවකදී අතුරුදහන්වූවන් ‍‍‍සොයාදෙන බවට පොරොන්දු ලබාදුන්නද එය ඉටු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

ජාත්‍යන්තර මැදිහත්වීමක් මත හෝ විසඳුමක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,ම වවුනියාව සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් විරෝධතාවට එක්ව සිටියා.
(වවුනියාව – මාධව කුලසූරිය)

Your Comments