දෙවසරකට පෙර මියගිය පුද්ගලයකු දේහය යලි ගොඩ ගනී
ජයන්ත වීරසේකර - වැල්ලවාය

64

මීට දෙවසරකට පෙර මියගිය බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුගේ මල සිරුරක් යලි ගොඩ තිබෙනවා. ඒ වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මෘත දේහය ගොඩගැනීම වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා ඉදිරියේදී සිදු කෙරුණා.

බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත ජයසිංහ නැමැති විසි අට හැවිරිදි පුද්ගලයකුගේ මෘතදේහය මෙලෙස ගොඩගැනුණු බවයි පොලිසිය පවසන්නේ. අදාළ මියගිය පුද්ගලයා පැල්වත්ත සිනී සමාගමට අනුයුක්තව සෙවය කළ අයෙක් වන අතර ඔහු වෛද්‍යවරියක් සමග විවාහ වී සිට තිබෙනවා. පසුව ඔහු සහ බිරිද නිවසේ සිටින අතර මෙම පුද්ගලයා මියගිය ගොස් ඇති අතර ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ. ඔහුගේ බිරිදගේ හැසීරීම පිළිබඳ සැක සිතූ පවුලේ උදවිය යළි පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි දේහය යළි ගොඩ ගෙන තිබෙන්නේ. සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන බුත්තල පොලිසිය සිදු කරනු ලබනවා.

 

Your Comments