දෙවන පාසල් වාරය අද ඇරඹෙයි – පාසල්වලට විශේෂ ආරක්ෂාවක් [Photo]
රංජිත් රාජපක්ෂ - හැටන් / ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

24

නව පාසල් වාරය අදියර දෙකකින් ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන පාසල් අද දිනයේ ආරම්භ කරන බවයි.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මෙන්ම දෙමව්පියන් සමග ද සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පාසල් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ මව්පියන් වෙත පැවරීම සිදු නොකළ යුතු බව ගුරු සංගම් පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා.

ඒ සම්බන්ධයෙන් ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද මෙලෙස අදහස් පළ කළා.

Your Comments